ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රධාන පක්ෂවල සමඟිය අත්‍යවශ්‍යයයි - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ඔක්තෝබර් 17, 2016

    රටේ දියුණුවට, රටේ ආරක්ෂාවට ප‍්‍රධාන පක්ෂවල සමඟිය අත්‍යවශ්‍ය බව උසස් අධ්‍යාපන  හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන මාර්ග සති වැඩසටහනේ සිව්වන අදියර නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ  වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිල්දණ්ඩාහින්න ශ‍්‍රී සුමංගල ජාතික පාසලේ දී පසුගියදා ආරම්භ කරමිනි.

     

    අමාත්‍යාංශයේ විෂය පථයට පමණක් සීමා නොවෙමින් මාර්ග සංවර්ධනයෙන් පමණක් නොනැවතී, අදාළ ප‍්‍රදේශවල අවශ්‍යතාවය පරිදි අදාළ ආයතන, නිලධාරීන්, අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරගනිමින්, ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් සමඟින් එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.


    නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ  වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කොට ගනිමින් ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු දිනය මාර්ග දිනයයි. මේ යටතේ රු.මිලියන 1679 ක වියදමින් ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කිරීම අමාත්‍යවරයාගේ උපදෙස් ආරම්භ කෙරිණි.

     

    මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග නඩත්තුව , නව මාර්ග ඉදිකිරීම , ඒකාබද්ධ ග‍්‍රාමීය මාර්ග වැඩි දියුණුව , ගල් අතුරා තාර දැමීම , මාර්ග වල කොන්ක‍්‍රීටි ඇතිරීම , අන්තර් සම්බන්ධිත කුට්ටි ගල් යෙදූ මාර්ග ඉදිකිරීම ඇතුළු අංශ රැසකින් මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරේ.


     
    මීට අමතරව අදින් ඇරඹෙන මාර්ග සති දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කොට ගනිමින්  ඩිජිටල් තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම , ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව දැනුවත් කිරීම , පොල් වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම , ඉඩම් හිමියන් සඳහා බලපත‍්‍ර ලබා දීම , නිවාස ආධාර ලෙස සිමෙන්ති බෙදා දීම , බෝවන හා බෝනොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , ගෙවතු වගාව සහ පොහොර භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , කෘෂි උපකරණ කට්ටල බෙදාදීම , උසස් පෙළ ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශණය අතුළු ක්ෂේත‍්‍ර රැසක් ආවරණය වන පරිදි රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කරගනිමින් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.

     

    මාර්ග සති - ගැමි පුබුදුව ජාතික සංවර්ධන වැඩසටහන යටතේ නව රජයේ සංවර්ධන සැලසුම් දිවයින පුරා ක‍්‍රියාත්මක කෙරෙන රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහනක් වේ. රජයේ සංවර්ධන දැක්ම යටතේ අවධානය යොමුවිය යුතු සියලු අංශ ආවරණය වන පරිදි ජනතා සේවය සැලසීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය ඇතුළු පළාත්සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya