ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට - ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති

    ඔක්තෝබර් 18, 2016
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව නව රජය යටතේ සාකච්ඡා ගණනාවක් පැවැත් වූ බව පැවසු අමත්‍යවරයා මෙරටට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට රජයට හැකි වුවා සේම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ද ලබා ගත හැකි වනු ඇති බවද සඳහන් කළේය.
     
    නව රජය මේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් සමස්ත ජනතාවගේ සහ රටේ ආර්ථිකයේ පෙරලියක් ඇති කරමින් ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්‍රධාන අරමුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    "පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මුලික වුණේ සීමිත පිරිසකට පමණයි. විශේෂයෙන්ම අපේ රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වෙනු ඇති. පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය අපට අහිමි වුණා. ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි. යුරෝපා සංගම් ඇගලුම් වෙළඳපොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වුණා.  මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදුවලින් තොරව වෙළඳපොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනම පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටුණා. අද මත්ස්‍ය සම්පත අපනයන කිරීමට අපට හැකිවී තිබෙනවා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යලි ලබා ගැනීමට මේ වසර මැද දී අයදුම්පත් යොමු කළා.  ජනවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ නිලධාරින් පවසා සිටියේ තවත් මාස දහයකින් පමණ සහනය ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි".
     
    කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. සහනය ඉතාමත් ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya