ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

    ඔක්තෝබර් 18, 2016

    මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය සහ 2016 සංවර්ධන සැලැසුම්වල ප්‍රගතිය සාකච්ඡා කිරීම පසුගිය දා මාතර දී  පැවැත්විණි


    මාතර දිස්ත්‍රික්කයේ සියලු ම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

     

    මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කම්ටු අනුමැතිය සඳහා ඉදිරිපත්කර ඇති ගැටළු සහ යෝජනා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු වලින් ඉදිරිපත් වී ඇති ගැටළු හා යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2016 සංවර්ධන සැලැස්ම, විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, කුඩා පරිමාණ වුදුලි බලාගාර ඉදි කිරීම, පළාත්පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, අධ්‍යාපන සංවර්ධන කටයුතු, සංචාරක ප්‍රවර්ධන කටයුතු, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

     

    මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිර ගජධීර මහතා, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්,
    ප්‍රාදේශිය සභා නියෝජිතයින් ඇතුළු දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya