ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද පළාතේ පාසල් 811 ක් සංවර්ධනයට රුපියල් ලක්ෂ 600 ක්

    ඔක්තෝබර් 21, 2016
    පොළොන්නරුව ඇලහැර අතරගල්ලෑව විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා  මුල් ගල තැබීම උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා අතින්  පසුගියදා සිදු කෙරිණි.
    මේ සඳහා වැය කරන මුදල   රුපියල් මිලියන හැටක්වන අතර මේ යටතේ 42x70 ප්‍රමාණයේ දෙමහල් ගොඩනැගිල්ලක්. 70x30 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් සහ දැනට ප්‍රයෝජනයට ගන්නා ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමද සිදු කෙරේ. උතුරු මැද පළාත් සභා ප්‍රතිපාදන මගින් ඉටු කරනු ලබන මෙම අතරගල්ලෑව විදුහල වැඩි දියුණු කිරීමේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවු ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා උතුරු මැද පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලමින් දරුවන් හොද පුරවැසියන් බවට පත්කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම තම අරමුණ බවද උතුරු මැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැති බව පැවසීය. 
     
    වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යවරයා අද වන විට පාසල් වල සියළු ක්‍රියාකාරකම් සැලසුමකට අනුව සිදුවන අතර ඉදිරියේදී පාසල් පද්ධති වල කිසිදු අඩුපාඩුවක් පැවතීමට ඉඩ නොතබන බවද පැවසීය.
     
    2017 වර්ෂයේදී  පාසැල් සඳහා අනුමත ගුරු කාර්ය මණ්ඩලයන් නම් කරන බවත් ඉන් පසු පාසල් තුල ගුරු අතිරික්තයක් නොපවතින බවත් එසේ අතිරික්තයක් ඇති වුවහොත් විදුහල්පතිවරයා ඊට වගකිව යුතු බවත් පැවසු ප්‍රධාන අමාත්‍යවරයා පොළොන්නරුවෙන් බිහිවු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ  රජයෙන් මෙම වසර සඳහා අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50,000 වෙන්කර ඇති බවත් පැවසීය. 
     
    උතුරු මැද පළාත් අධ්‍යාපන සංවර්ධනය ගැන සදහන් කල ප්‍රධාන අමාත්‍යවරයා පළාතේ පාසල්  811ක් සංවර්ධනය සඳහා මේ වර්ෂයේ රුපියල් ලක්ෂ 600ක මුදලක් වෙන්කර දී ඇති බවත්  ඒ ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගෙන අපේ අධ්‍යෘපන කේෂ්ත්‍රයේ තුල සිග්‍ර සංවර්ධනයක් ඇති කරන බවත් පැවසීය.
     
    අතරගල්ලෑව විද්‍යාලයෙන් මෙවර පහවසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ත්‍යාග ප්‍රධානය ද ප්‍රධාන අමාත්‍යවරයා අතින් සිදුවු අතර 2015 වසරේ විශ්ව විද්‍යාල වරම් ලද තක්ෂිලා මධුභාෂිනි ශිෂ්‍යාවටද මෙහිදි අමාත්‍යවරයා අතින් ත්‍යාග පිරුනැමුනි.
     
    මෙම අවස්ථාවට සඳහා හිටපු ප්‍රාදේශිය සභා සභාපති  අමරවංශ මහතා විදුහල්පති උපාලි වත්තේ ගෙදර මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක්ද සහභාගී වුහ.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya