ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 142 ක්

    ඔක්තෝබර් 21, 2016
    මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 142 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ විදුර ප්‍රසන්න මහතා පවසයි.
    ග්‍රාමීය යටිතල පහසුකම් හා සමාජ සුභසාධන ව්‍යාපෘති යටතේ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු, ග්‍රාමීය බෝක්කු ඉදිකිරීම සහ ගම් මට්ටමේ සුභසාධක සමිති සඳහා භාණ්ඩ ලබා දීම ආදී කටයුතු මෙමගින් සිදු කෙරේ.
     
    මහජන නියෝජිතයින්ගෙන් හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබාගත් ව්‍යාපෘති යෝජනා අනුව අදාළ මුදල් ප්‍රතිපාදන වැය කෙරේ. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින් ලැබුණු ව්‍යාපෘති යෝජනා 1,113 ක් අනුමතකර තිබේ. ඒ අතරින් ව්‍යාපෘති 288 ක වැඩ අවසන් කර ඇත. 
     
    තවත් ව්‍යාපෘති 429 ක වැඩ අවසන් කරමින් පවතී. වැඩ යෝජනා 295 ක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින අතර යෝජනා 101 ක් සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතින අතර වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 18.36 ක මුදලක් ගෙවා ඇත.
     
    2016 වසරේ නොවැම්බර් මස 30 දින වන විට සමස්ත ව්‍යාපෘති යෝජනා වලින් 90% ක වැඩ අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් පැවසී ය.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya