ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විගමණික ශ‍්‍රමිකයන්ගේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සඳහා රුපියල් ලක්ෂ 557 ක්

    නොවැම්බර් 01, 2016
    2016 වර්ෂය සඳහා විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දූදරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 557ක් වෙන් කර ඇති අතර, මෙමඟින් දරුවන් 2878 දෙනෙක් වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
     
    ශිෂ්‍යත්ව ප‍්‍රදානය පළාත් මට්ටමින් පිරිනැමීමට නියමිතව ඇති අතර, ඒ අනුව නොවැම්බර් 13 වන දින මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය මහනුවරදී ද, එදිනම සවස වයඹ පළාත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කුරුණෑගල දිස්ති‍්‍රක්කයේදී ද, උතුරුමැද පළාතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය නොවැම්බර් 14 වන දින අනුරාධපුරදී ද, නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය  නොවැම්බර් 20 වන දින මඩකලපවු දිස්ති‍්‍රක්යේදී ද  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
     
    2016 වර්ශයේ ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලත් විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව සමතුන් වැඩිම ප‍්‍රමාණය 94ක් ලෙස නැගෙනහිර පළාතෙන් ද, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් 90 දෙනෙකු සහ අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 83 දෙනෙකු වාර්තා වේ.
     
    විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් අ.පො.ස (සා/පෙළ) සමත් දරුවන් වැඩිම ප‍්‍රමාණය ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් 190 දෙනෙකු ද, මඩකළපුව දිස්ති‍්‍රක්කයෙන් 162 දෙනෙකු ද, අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 152 දෙනෙකුද වාර්තාවේ.
     
    එසේම විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් අතරින් අ.පො.ස (උ/පෙළ) සමත් වී විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් වැඩිම ප‍්‍රමාණය ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් 32 ලෙස ද, දෙවනුව මහනුවර දිස්ති‍්‍රක්කයෙන් 26 ලෙස ද, තෙවනුව අම්පාර දිස්ති‍්‍රක්කයෙන් 24 ලෙස ද වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya