ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ ඩෙංගු මර්ධනයට පියවර

    නොවැම්බර් 01, 2016
    ඩෙංගු ව්‍යාප්තිය කාලගුණික තත්වය අනුව වෙනස් වන බවත් වැඩිපුර ජලය රැදෙන හා කුණු කසල එකතු වන ස්ථානවල ඩෙංගු වර්ධනය වන බවත් මේ සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රමවත් කළ යුතු බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පැවසීය.
    ඒ සදහා අවශ්‍ය මුදල් වෙන් කිරිම් වැඩි කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රචාරණ කටයුතු වැඩි කිරිම තුලින් මහජනතාවගේ අවධානය යොමු වන බවත් 
    අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (31) දිසා ලේකම් කාර්යාලයේ පැවැති ඩෙංගු ,වකුගඩු රෝග නිවාරණය හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය නොකිරිමෙන් ඇති වන ගැටළු පිළිබද පැවති වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේ දීය.
     
    මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල,විල්ගමුව,දඹුල්ල,ගලේවෙල සහ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වකුගඩු රෝගින් යැයි සැක කරන පුද්ගලයින් සිටින බවත් දැනට මෙම රෝගය වැළදිමට නිශ්චිත හේතු හදුනාගෙන නොමැත. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් විල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයින් 18,000 ගේ රැධිර පටල පරික්ෂාවක් කළ බවත් එයින් 1,600 පමණ වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව හදුනා ගෙන ඇත. මාතලේ නගරයේ ආහාර පාන අලෙවි කිරිම සම්බන්ධයෙන් ගැටළු ඇති බවත් විශේෂයෙන්ම මාලු වෙළදාම ප්‍රමිතියෙන් තොරව සිදු වන බවත් නගර සභා සීමාව තුළ ඇති කණු පද්ධතිය අක්‍රමවත් හා දුර්ගන්ධයක් ඇති බවත් මේ සමාජ ගැටළු විසදීමට දැන් රටේ දේශපාලන බලපෑම් නොමැති නිසා නිලධාරින් තමන්ගේ බල භාවිතා කර වැඩ කළ හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට එක් වූ මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියා සිටියේ මාතලේ සහ අවට ප්‍රදේශවල මෝටර් රථ අමතර කොටස් හා යකඩ කැබලි එකතු කරන ස්ථාන බහුලව පවතින බවත් ඒවායේ නිරන්තරයෙන්ම ජලය රැදෙන බැවින් ඩෙංගු බෝවිමට  හේතු වී ඇති බවය.
     
    මෙම අවස්ථාවට එක් වූ ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කය තුළ 2016 වර්ෂයේ ඩෙංගු රෝගීන් 936 ක් වාර්තා වී ඇති බවත් එය පසු ගිය වසරවලට සාපේක්ෂව වැඩි විමක් පෙන්නුම් කර ඇති බවත් මේ තත්වය පාලනය කිරිම සදහා වැඩි වැවියෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ග්‍රාමීය ඩෙංගු මර්ධන කමිටුව සක්‍රිය කළ යුතු බවත්ය.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.බී. විජේකෝන් මහතා ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරින් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතික මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් සහභාගි වූහ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya