ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බලපිටිය මාදුගඟ ආශ්‍රිත පාරිසරික ගැටලුවලට පිළියම්

    නොවැම්බර් 02, 2016
    බලපිටිය  මාදුගඟ ආශ්‍රිත පැන නැගී ඇති පාරිසරික ගැටලු සහ ඒ හේතුවෙන් පාතගම ඇතුළු පහත් බිම් ගං වතුරින් යටවීම පිළිබඳ ජනතා ගැටලු සම්බන්ධව ධීවර අමාත්‍යංශය, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු වගකිව යුතු රාජ්‍ය ආයතන සියල්ල සම්බන්ධ කර විශේෂ සාකච්ජාවක් පසුගියදා පාර්ලි‍මේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධාන කාර්යාලයේ දී පැවැත්විණි. 
     
    කලක සිට පවතින මෙම ගැටලු සම්බන්ධව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එම ප්‍රදේශ වෙත ගොස් නිරීක්ෂණයක් ද සිදු කළේය. 
     
    මෙම සාකච්ජාව අවසානයේ​ ​පාතමුල්ල පහත්බිම් ගංවතුරින් යටවීමට පිළියම් ලෙස එම පහත්බිම් ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙත වෙනත් ස්ථානයක විකල්ප නිවාස ඉදිකර දීම, බලපිටිය මෝයකට වැලි ඉවත් කිරීම වෙනුවෙන් ධීවර අමාත්‍යංශය  යටතේ රුපියල් මිලියන 350ක් වෙන්කර ගැනීමට එකගතාව පළ විණි.  
     
    මෙහිදී නැංගුරම්පලක් ඉදිකිරීම සඳහා ද  වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි.
     
    මාදුගඟ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු ම ආයතන ඒකාබද්ධ කර විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබාදුණි. 
     
    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ඇතුළු සියලු අංශ නියෝජනය කරන නිලධාරීහූ එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya