ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොලොන්නාවේ මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමට වැඩපිළිවෙළක්

    නොවැම්බර් 10, 2016
    කොලොන්නාව, වැල්ලම්පිටිය, මුල්ලේරියාව සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශයන්හි පැතිර පවත්නා මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ ව වත්මන් තත්ත්වය සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කළයුතු අපරාධ මැඩලීමේ කටයුතු පිළිබඳ ව සාකච්ඡාවක් පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාවට සහභාගිවී සිටියේය. මෙහිදී අනාවරණය වූයේ කොලොන්නාව ආශ්‍රිත ප්‍රදේශයන්හි විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී සිටින පිරිස විශාල ප්‍රමාණයක් වන බවත් ඒ අතරින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පමණක් හෙරොයින් සඳහා ඇබ්බැහිවුවන්ගේ ප්‍රමාණය 7000ක් පමණ වන බවයි. සාකච්ජාවේදී වැඩිදුරටත් අනාවරණය වූයේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් පොලීසිය විසින් සිදුකරන බවත් ඊට සාපෙක්ෂවම මත්ද්‍රව්‍ය අලෙවිය ද මෙම ප්‍රදේශවල සිදුවන බවත්ය. 
     
    මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් වෙනුවෙන් සිදුකරනු ලබන පුනරුත්ථාපන වැඩසටහන් තුළ පවත්නා දුර්වලතා ඉවත්කරගෙන සාර්ථක පුනරුත්තාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර නැතිකිරීම සඳහා නීති පැනවීමට පමණක් සීමා නොවී මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා පවත්නා නීති තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ජා විය.
     
    කොලොන්නාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ප්‍රජාවේ දායකත්වය නිවැරදිව ලබාගතහැකි ආකාරය පිළිබඳවත් මේ සඳහා ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ සඳහා පුළුල් වැඩසටහනක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ජා කෙරුණි. 
     
    මෙහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ යන අංශ එකට ගමන්කරන බවත් ඒ නිසා මත් උවදුර මැඩලීමට ප්‍රමුඛතාවක් ලබාදීම මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලිමටත් නීති විරෝධී ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිසියත් ප්‍රජාවත් එක්ව කටයුතු  කළයුතු බව පැවසීය. වැඩිදුරටත් අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවේ මෙම පොලිස් බලප්‍රදෙශය්න්හි පොලිස් නිලධාරීන් මීට වඩා කාර්යක්ෂම වියයුතු බවත් එසේ කාර්යක්ෂමව කටයුතු කිරීමට නොහැකි සහ දුෂිත නිලධාරීන් සිටීනම් ඒ පිළිබඳ ව පොලිස් කොමිසමට දැනුම්දී කාර්යක්ෂම නිලධාරීන් මේ සඳහා කඩිනමින් යොදවගන්නා ලෙසත් අදාළ පොලිස් බලප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් වඩාත් කාර්යක්ෂමකර එම ප්‍රදේශයේ සියලු බලප්‍රදේශ ආවරණයවන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක කරන ලෙසටත් පොලීසිය වෙත උපදෙස් දෙනු ලැබීය. 
     
    මීට අමතරව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මත්ද්‍රව්‍ය විරෝදී වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් වෙනුවෙන් සිදුකරනු ලබන පුනරුත්ථාපන වැඩසටහන් වඩාත් වැඩදායි අයුරින් සිදුකිරීමේ අවශ්‍යතාවය ද පෙන්වාදෙනු ලැබීය. එමෙන්ම ඉහළ පෙලේ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන බවත් සෙසු මත්ද්‍රවය වැටලීම් සඳහා පොලීසිය ක්‍රියා කළයුතු බවත් අමාත්‍යවරයා අවධාරණය සිටියේය. ඉදිරි කාලය තුළදී කඩිනමින් මෙම මත්ද්‍රවය මැඩලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිතුමන් දිවයිනට පැමිණි පසු වැඩිදුරටත් මේ පිළිබඳව සාකච්ජා කළයුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. 
     
    මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීමේ අවශ්‍යතාවය සහ ඊට වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ද පොලිස් නිලධාරීන් මෙහිදී අමාත්‍යතුමන්ගේ අවධානයට යොමුකළ අතර එහිදී මීට අදාළ වන සෙසු පර්ශව ද සම්බන්ධකර ගනිමින් මෙම වැඩසටහන පුළුල් මට්ටමිකින් සිදුකිරීම සඳහා ක්‍රියාකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අදහස් දක්වමින් කියා සිටියේ කොලොන්නාව ආසනය තුළ මත්ද්‍රව්‍ය උවදුරට සමගාමීව ම සංවිධානාත්මක අපරාධ සහ සෙසු සමාජ විරෝධී ක්‍රියාවන් රැසක් සිදුවන බවයි.
     
    මෙම සාකච්ජාව කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ඉල්ලීම පරිදි අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් මෙම සාකච්ජාව කැද වූ අතර මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඇතුලු ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya