ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාසල් කසළ කළමනාකරණයට රාජකීය විද්‍යාලයේ නියමු ව්‍යාපෘතියක්

    නොවැම්බර් 10, 2016

    පාසල් කසළ කළමනාකරණය කොළඹ 7, රාජකීය විද්‍යාලයේ නියමු ව්‍යාපෘතියක් මඟින් ආරම්භ කරන බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

    මෙම කසළ කළමනාකරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡාක් එම විද්‍යාලයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    රාජකීය විද්‍යාලයේ කසළ කළමනාකරණ නියමු ව්‍යාපෘතිය යටතේ පළමුව පාසලට රැගෙන එන පොලිතීන් ප්‍රමාණය අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, සිසුන් සහ ගුරුවරුන් පිටතින් රැගෙන එන පොලිතීන් වල බහාලු ආහාර සඳහා ස්ථිර භාජනයක් භාවිත කිරීමට නියමිතයි. එමෙන්ම ආපන ශාලාවෙන් ලබාදෙන පොලිතීන් වල බහාලු ආහාර ස්ථිර භාජනයක ලබාදීමට ද සැලසුම් කර තිබේ.

     

    ඊට අමතරව, විද්‍යාලයේ ස්ථාපිත කර ඇති කොම්පෝස්ට් අංගනය සහ ජීව වායු ඒකකය වැඩිදියුණු කිරීමට සහ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු කිරීමට මෙම රැස්වීමේදී යෝජනා විය. එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන වර්ගීකරණය කළ කසළ බැහැර කිරීම රාජකීය විද්‍යාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

     

    කොළඹ 7, රාජකීය විද්‍යාලය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවයටම පාසල් කසළ කළමනාකරණය පිළිබඳව වගකීම පැවරේ.

     

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, දිවයිනේ සියලුම පාසල් සඳහා මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අපේක්ෂා කරයි.

     

    අමාත්‍යවරයා විශ්වාස කරන්නේ, මෙමඟින් සිසුන් සහ දෙමාපියන් තුළ කසළ කළමනාකරණය පිළිබඳ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට ද හැකිවනු ඇති බවයි.

     

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, අමාත්‍යංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහයක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අතුල ඉලංගසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya