ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් මනාළියන් දැක්මක්

    නොවැම්බර් 11, 2016
    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මනාළියන් එළිදැක්වීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර - වල්ගම සරසි උත්සව ශාලාවේ දී පැවැත්විණි.
    මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තෝරාගත් සිසුවියන් පිරිසක්  තලල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව මනාළියන් හැඩගැන්වීම හා රූපලාවන්‍ය කටයුතු පිළිබඳව දින තුනක තාක්ෂණික පුහුණුවක් ලබා දී ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාව මැන බැලීම සඳහා ඔවුන් අතින් හැඩගැන් වූ මනාළියන් එළිදැක්වීම සිදු කෙරිණි.
     
    මෙහි දී තරඟ ඉසව් හතරක් යටතේ මනාළියන් එළිදැක්විණි. උඩරට ,පහතරට, බටහිර හා පිටත්ව යාමේ මනාළිය තරඟ අංශය මේ අතර වේ.
     
    2016 වසරේ සිසුවියන් 32 දෙදෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර මනාළියන් එළිදැක්වීමේ තරඟයේ දී එම සිසුවියන් සහ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ පිහිටුවා ඇති බ්‍රයිඩ් ඇන්ඩ් ස්ටයිල් සංගමයේ සාමාජිකාවන් ද ඇතුළව 43 දෙනෙකු ඉදිරිපත් වූහ. එයින් ප්‍රථම ස්ථාන 06 ක් දෙවන ස්ථාන 06 ක් හා තෙවන ස්ථාන 06 ක් වශයෙන් 18 දෙනෙකු ජයග්‍රහණ ලබාගත්හ. ඔවුන්ට වටිනා ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමිණි. සහභාගි වූ සියලු දෙනාට ද ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරිණි. 
     
    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව මෙම වඩසටහනේ සංවිධායක ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී කේ.ඒ.සී.දිල්රුක්ෂි මහත්මිය පැවසුවා ය.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya