ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අයි රෝඩ් ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 5,326 ක්

    නොවැම්බර් 18, 2016
    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5,326 ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.
    අන්තර් ගම්මාන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වශයෙන් නම් කර තිබෙන මෙම වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග වලට පිවිසුම් මාර්ග 67 ක කිලෝමීටර් 217.50 ක් සංවර්ධනය කිරීමට නියමිත ය. 
     
    මේ වන විට මැනුම් කටයුතු ඇතුළු මූලික කටයුතු අවසන් කර කිලෝමීටර් 188 ක වැඩ ආරම්භ කර ඇති අතර ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් ප්‍රගතිය 64% කි. මෙහි දී නව මාර්ග ඉදිකිරීමක් සිදු නොකෙරෙන අතර දැනට ඉදිකර තිබෙන මාර්ගවල කාපට් අතුරා සංවර්ධනය කිරීම සිදු කෙරේ.
     
    ව්‍යාපෘතිය ආරම්භක දිනයේ සිට වසර 05 ක් තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු ය. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya