ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නව ව්‍යවසායකයන්හට ප‍්‍රවීණයන්ගේ අදහස් හා මගපෙන්විම ලබාදෙන වැඩසටහනක්

    නොවැම්බර් 19, 2016
    ජාතික ව්‍යාවසායකත්ව සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව ලංකා සෝෂල් වෙන්චර්ස්  ආයතනය මගින් නව ව්‍යාපාර පිවිසුම සඳහා වේදිකාව "Business Idea Lab" යන මැයෙන් නව  ව්‍යවසායකයන්හට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ අදහස් හා මගපෙන්විම ලබාදෙන වැඩසටහනක් නොවැම්බර් 21දා පෙරවරු 09.00 සිට පස්වරු 01.00 දක්වා ගම්පහ මිරිස්වත්ත විවෘත විශ්වවිද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී නොමිලේ පැවැත්වේ.
     
    මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන නව ව්‍යවසායකයන් ව්‍යාපාරික  ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග සම්බන්ධ කිරීම මගින් අවශ්‍ය මග පෙන්වීම ලබාදීමත්, ඔවුන් සතු සම්පත් හැකියා සහ කුසලතා මෙන්ම ප‍්‍රාග්ධනය යොදා  ගනිමින් ඇරඹීමට සුදුසු  ව්‍යාපාර හඳුනාගැනීමට උපකාරීවීමත්ය.
     
    මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන අතර වැඩසටහන පිළිබඳ විමසීම් සඳහා දුරකථන අංක 077 5582288   ඔස්සේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රංජිත් විජේකෝන් මහතා ඇමතිය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya