ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා කොරියා පළමු ධීවර නිවාස ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 19, 2016
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සංකල්පයකට අනුව කොරියාවේ ආධාර මත මෙරට ඉදිකිරීමට නියමිත ධීවර නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අම්බලන්තොට බටඅත දී ලබන (22) සිදු කෙරේ.
     
    එහිදී මෙම ධීවර නිවාස ගම්මාන වැඩසටහනේ බටඅත ධීවර නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මුල්ගල් තැබීම ද සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට සහභාගී වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආරාධනයෙන් කොරියානු ජාතික ධීවර සමූපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEONමහතා ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
     
    බටඅත ධීවර ගම්මානයේ පළමු අදියර යටතේ නිවාස 25 ඉදිකිරීමට නියමිතය. මේ සඳහා සියලු ආධාර කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් සපයනු ලැබේ.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදු කළ සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙම ධීවර නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට හිමි විය. අදියර කිහිපයක් යටතේ මෙම ධීවර නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
     
    ධීවර ජනතාව ආර්ථිකමය හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යතුමාගේ වැඩපිළිවෙළෙහි එක් පියවරක් ලෙස මෙම ධීවර නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya