ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් රුධිර පරික්ෂාවන්

    නොවැම්බර් 22, 2016
    දෙසැම්බර් 01දාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව දැනුම්වත් කිරීම මෙන් ම රුධිර පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු ඊයේ (21) බොරැල්ල ඔබේසේකරපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
     
    මෙම වැඩසටහන දෙසැම්බර් 01දා දක්වා කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන අතර මීට අමතර ව පත්‍රිකා බෙදාහැරීම, ලිප්ටන් වටරවුමේ ඩිජිටල් පුවරුවල දැන්වීම් පළ කිරීම ආදිය සිදු කෙරේ.
     
    ලෝක ඒඩ්ස් දින සැමරුම් උළෙල දෙසැම්බර් 01දා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන අතර එදින ඒඩ්ස් පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් ප්‍රදර්ශන කුටි, රුධිර පරීක්ෂා කිරීමේ දී කටයුතු ද සිදු කෙරේ.
     
    මෙදින 2500කගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන පාගමන කැම්බල් පිටිය දක්වා ගමන් කරනු ඇත. එදිනම ජාඇල, කඩුවෙල හා පානදුර ප්‍රදේශවලින් මහජනතාව දැනුම්වත් කිරීමේ පා පැදි සවාරියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya