ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දක්ෂ ක්‍රීඩකයින් හඳුනාගැනීමට නව පරීක්ෂණයක්

    නොවැම්බර් 22, 2016
    ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව තාක්ෂණය යොදා ගැනීමට කාලය එළැඹ ඇතැයි විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 
     
    ඒ සඳහා ACT-N1 ජානමය පරීක්ෂණය වඩාත් සුදුසු බවද එතුමා කියා සිටී. “ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමේදී වඩාත් සැලකිය යුතු කාරණු තුනක් තිබෙන බවත් පෙන්වාදුන් ඒ මහතා ජානමය ලක්ෂණ, පුහුණුව සහ පෝෂණය යන්න එම කරුණු තුන යැයි ද පෙන්වා දුන්නේය. 
     
    "මේ වන විට දක්ෂ ක්‍රීඩකයෙක් හඳුනාගැනීමේ පරීක්ෂණ ක්‍රම ලෝකයේ ඇති වී තිබෙන බවත් ACT-N1 ජානමය පරීක්ෂණය එයින් එක් ක්‍රමයක්. මෙහිදී අපි පරීක්ෂා කරන්නේ ඉක්මනින් සංකෝචනය වන පේෂි ප්‍රමාණය(Fast Thitch). ඔලිම්පික් ජයග්‍රහණ ලබා ගත් කෙටිදුර ධාවන ශූරයකුගේ එම අගය සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් ගන්නවා". 
     
    ලංකාවේ හිමාෂ හේෂාන් එම පරීක්ෂණයට යොමු කළ බවත් ඔහුගේ අගයත් එවැනි ප්‍රමාණයක තිබෙන බැවින්හිමාෂ හේෂාන්ගෙන් ඔලිම්පික් ජයග්‍රහණයක් ලබාගත හැකි යැයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya