ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොටට වන දිවි මිතුරෝ

    නොවැම්බර් 27, 2016
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන දිවි මිතුරෝ කමිටු පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය කමිටු පිහිටුවා අනතුරුව වන ජීවීන් පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ කම්ටුවක් ලෙස වන දිවි මිතුරෝ දිස්ත්‍රික් කමිටුව පිහිටුවීමට කටයුතු කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා වන ජීවී නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.
    මේ සදහා මහවැලි, පරිසර ,වන ජීවී අමාත්‍යංශයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු මේ සඳහා දායක කළ යුතු ආයතන මුල් කර ගෙන එම කමිටු පිහිටු වීමට  කටයුතු සිදු කරන ලෙසද උපදෙස් දී ඇත. 
     
    සුරිය වැව හම්බන්තොට, තිස්සමහාරාම ,ලුණුගම් වෙහෙර, අම්බලන්තොට, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත වන අලි ගැටළු පවතින අතර රිලවුන්,වඳුරන් ,මොණරුන් ,දඩු ලේනන්, කිඹුලන් වැනි සතුන්ගෙන්ද ජනතාවට පීඩා සිදුවන බවට ගොවි සංවිධාන පෙන්වා දී ඇත.      
     
    Ap/DSMU-Hambanthota 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya