ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2017 වසර සඳහා වනජීවි අමාත්‍යංශයට මිලියන 3500ක්

    නොවැම්බර් 24, 2016
    2017 වසර සඳහා මෙවර අයවැය හරහා තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 3500ක් වෙන් කොට ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මෙම මුදල් ප්‍රමාණයට අමතර ව ලබාගන්නා ප්‍රගතිය මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මට්ටමින් ලබාදීමට ද  මහාභාණ්ඩාගාරය කැමැත්ත ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    2016 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට රුපියල් මිලියන 3081ක ආදායමක් තම අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි පෙන්වාදුන් අමාත්‍යවරයා වසර අවසන්වීමේ දී මෙම මුදල තවත් වැඩිවෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද පැවසීය.
     
    අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙසින් ඉදිරියේ දී ජනතා සහයෝගයෙන් අලි වැට ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කොට ඇතැයි ද හඳුනාගත් අලිමංකඩ 16ක වන අලින් සඳහා අපහසුවකින් තොරව ගමන්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මේ වනි විට වන අලි පහරදීමේදී සිදුවන ජීවිත හානි, දේපළ හානි මෙන් ම වගා හානි සඳහා ද ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය වැඩිකොට ඇතැයි ද පෙන්වා දුන්නේය.
     
    මේ වන විට කිලෝමීටර් 2800ක් පුරා අලිවැට ඉදිකොට අවසන් බවත් තවත් එවැනිම ප්‍රමාණයක් ඉදිකිරීමට ඇතැයි ද කීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් මීගස්මුල්ල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya