ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලට විමධ්‍යගත සංවර්ධන ව්‍යාපෘති 1036ක්

    නොවැම්බර් 29, 2016
    2016  විමධ්‍යගත අරමුදල් යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතීන් 1036ක් ක්‍රියාත්මක කරමින් පවතින බව කෑගල්ල  දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා අනෝමා විජේරත්න මහත්මිය පැවසුවාය.  
     
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේඒ මහත්මිය මේ බව පැවසුවාය. 
     
    මෙම ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 576ක වැඩ අවසන් කර ඇති අතර ව්‍යාපෘතීන් 450ක ඉදිකිරීම් අවසන් මට්ටමේ පවතී. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විමධ්‍යගත අරමුදල් යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ. 
     
    මේ යටතේ රඹුක්කන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘතීන්  211ක් ද, වරකාපොල ව්‍යාපෘති 114ක් ද, දරණියගල ව්‍යාපෘති 102ක් ද, ගලිගමුව ව්‍යාපෘති 100ක් ද  වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි ඉහත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya