ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පුරනැගුම ව්‍යාපෘතියෙන් කසල කළමනාකරණට රථ 42ක්

    දෙසැම්බර් 04, 2016

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය සභා සඳහා කසළ කළමනාකරණ රථ 42 ක් බෙදාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     
    අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභා නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එමඟින් කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන රථ (Garbage Compactors) 28 ක් සහ කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථ(Skid Steer Motor) 14 ක් ප්‍රාදේශීය සභා 38 කට බෙදාදීම ‍සිදු විය.

     

     කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන එක් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 126 ක් වන අතර, කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථයක මිල රුපියල් ලක්ෂ 44 ක්. ඒ අනුව, මෙම කසළ කළමනාකරණ රථ 42 සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 4,170 ක් වැය කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙම උත්සවයට, අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ පුරනැගුම ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගිවූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya