ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2017දී ධීවර සංස්ථා අළෙවිසැල් 50ක්

    දෙසැම්බර් 19, 2016
    ලංකා ධීවර සංස්ථාවේ නව අළෙවිසැල් 12ක් මෙම වසරේ පිහිටුවන අතර, 2017 වසරේ දී දිවයින පුරා අළෙවිසැල් 50ක් අලුතින් ඇරඹීමට සැළසුම් කර ඇතැයි ද, මෙතෙක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවති ලංකා ධීවර සංස්ථාව නව පාලන අධිකාරිය සහ කලමනාකරණය හේතුවෙන් මේ වන විට ලාභ ලබමින් තිබෙන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වරකාපොළ සහ කුලියාපිටිය නගරවලලංකා ධීවර සංස්ථාවේ නව අළෙවි මධ්‍යස්ථාන 02ක්  විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    ඒ අනුව, ලබන වසරේ දී රුපියල් මිලියන 500ක  ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සැළසුම් කර ඇතැයි ද, ඒ සඳහා එම සංස්ථාවේ සියලු දෙනා කැපවී කටයුතු කළ යුතු බවත්, කීය.
     
    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම ධීවර සංස්ථාවේ අරමුණ බවත්, වාර්ෂික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රෑම් 24ක් විය යුතු වුවත්, පසුගිය වසරවල එය කිලෝ ග්‍රෑම් 12ත්, 15ත් අතර විය. නමුත් 2016 වසරේ දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය වසරකට කිලෝ ග්‍රෑම් 16.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 47.6 දක්වාත් ඉහළ ගොස් තිබෙන බවද, ඇමතිවරයා සඳහන් කළේය.
     
    කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ ජනතාවගේ පෝෂණය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් මාලු පරිභෝජනය තුළින් ලබා ගත හැකි අතර, පසුගිය කාළය තුළ ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර පානවල මිළ ගණන් ඉහළ ගියද, මාලු මිළ ගණන් පසුගිය වසර 02ක තුළ ස්ථාවරව පැවති බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවන්ට නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya