ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හැබිටාට් ආයතනයෙන් කෑගල්ලට නිවාස 80 ක්

    දෙසැම්බර් 21, 2016
    පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්වය හේතුවෙන් නිවාස අහිමි  පුද්ගලයන් 80  කට සියලුම පහසුකම් වලින් යුත් නිවාස 80 ක් සාදා දීමට හැබීටාට් ආයතනය  ඉදිරිපත් වී  ඇත .
    මේ සදහා වු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරීණි. 
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, යටියන්තොට, දැරණියගල  ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස කේන්ද්‍රව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.  ලබන ජනවාරි මාසයේදී නිවාස ඉදි කිරිම ආරම්භ කරන අතර, වසරක් තුළ නිවාස සාදා නිම කිරිමට හැබිටාට් ආයතනය බලාපොරොත්තු වේ. 
     
    මේ පිළිබද අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්. අබේවික්‍රම වනසූරිය හා වැවිලි මානව  සංවර්ධන භාරයේ සභාපති හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබීය. 
     
    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණි ආරියරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර., ආපදා අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත්, හැබිටාට් ආයතනයේ අධ්‍යක්ෂ දිනේෂ් කනගරත්න, හැබිටාට් වැඩසටහනේ කලමණාකරු එඩ්වට් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද ඉලුක්තැන්න හා  සපුමල් වතු සමුහයේ කලමනාකාරීත්වයද, කෑගල්ල රාජ්‍ය  නොවන  සංවිධාන සම්බන්ධිකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක්  සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya