ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රණවිරු දූ දරු ප්‍රථමාධාර පුහුණු වැඩමුළු මාලාවක්

    දෙසැම්බර් 23, 2016
    රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති ඒකකය මගින් සංවිධානය කළ රණවිරු දූ දරු ප්‍රථමාධාර පුහුණු වැඩමුළු මාලාවක්කොළඹ, අනුරාධපුරය හා පොලොන්නරුව යන දිස්ත්‍රික් තුන පදනම් කර ගනිමින් පැවැත්වීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු සැලසුම් කොට ඇත. 
     
    ඒ අනුව ඊයේ (22) අද (23) හා හෙට (24) යන දිනයන්හි අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේදීත්, 26, 27 හා 28 යන දිනයන්හි පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීත්, 27, 28 හා 29 යන දිනයන්හි පිළියන්දල ශාස්ත්‍රනන්ද පිරිවෙනේදීත් මෙම රණවිරු දූ දරු ප්‍රථමාධාර පුහුණු වැඩමුළු පැවැත්වේ.
     
    දෛනික ජීවිතයේදී මුහුණ දිමට සිදුවන හදිසි අනතුරු හා විවිධ ආපදා තත්ත්වයන්හී දී ඒවාට සාර්ථකව මුහුණ දීමටත්, ප්‍රජාවේ අන් අයට උපකාරවිමට හැකි අයුරින් දූ දරුවන් සඳහා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ප්‍රථමාධාර පුහුණුවක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
     
    මෙම ප්‍රථමාධාර පුහුණු වැඩමුළුව සඳහා ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සම්පත් දායකත්වය ලැබෙන අතර පුහුණුව ලද දූ පුතුන් සඳහා විභාගයක්‌ පවත්වා ඉන් සමත්වුවන් හට අන්තර්ජාතික වශයෙන් පිළිගත් සහතිකපතක් ද ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මඟින් නිකුත් කිරීමට අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya