ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සමාජ ඇගයීම අවම කිරීම මත් නිවාරණයේ පහසු මගයි

    දෙසැම්බර් 22, 2016
    මත්ද්‍රව්‍ය කෙරේ සමාජය විසින් ලබා දී ඇති වටිනාකම (social value) අවම කිරීම මත් නිවාරණය සාර්ථකව සිදුකළ හැකි ප්‍රවේශයක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.
    විශේෂයෙන් පෞර්ෂය වර්ධනයට මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය යැයි සලකන සංකල්පය යල්පැන ගොස්  ඇතැයි ද එය සමාජයෙන් මුලිනුපුටා දැමීමේ කාලය එළඹ ඇතැයි ද ඒ මහතා පැවසීය. කෑගල්ල දිස්ත්‍රික් මත් නිවාරණ කමිටුව රැස්වූ අවස්ථාවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
     
    මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සුසන්ත හේරත් මහතා ඇතුළු  ප්‍රාදේශීය ලේකම්වරුන් , පොලිස් අධිකාරිවරුන් , සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කළ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya