ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 18,990 කට විදුලිය

    දෙසැම්බර් 27, 2016
    රටම එළියයි අදුර දුරලයි ගැමි විදුලි ව්‍යාපෘති  වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 18,990 කට මේ වන විට  විදුලිය  ලබා දි ඇති බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.එස් රොබිසෝ මහතා පැවසීය.
    පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී  ඒ මහතා මෙසේ පැවසීය.
     
    මේ යටතේ වාරියපොල බල ප්‍රදේශයෙන් විදුලි ව්‍යාපෘති 8,900 ක් ද කුරුණෑගල බල ප්‍රදේශයෙන්  ව්‍යාපෘති 4,400 ක් ද නාරම්මල බල ප්‍රදේශයෙන් විදුලි ව්‍යාපෘති 2,200 ක් ද කුලියාපිටිය බල ප්‍රදේශයෙන් විදුලි ව්‍යාපෘති 3,200 ක් ද  ඉදිකර ඇත.
     
    මෙම විදුලි ව්‍යාපෘතිය යට‍තේ  විදුලිය ලබා ගැනීම සදහා ඉල්ලුම්පත් 23,400 ක් ලැබි තිබු බවත්  එයින් ව්‍යාපෘති 3,800 ක් ප්‍රතික්ෂේප වූ බවත් ඉදිරියේ දී තවත් පවුල් 562 කට විදුලිය ලබා දීමට පියවර ගන්නා බවත් සාමාන්‍යාධිකාරී වරයා ප්‍රකාශ කලේය.
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya