ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් ළමා සභාව රැස්වේ

    දෙසැම්බර් 27, 2016
    ගාල්ල දිස්ත්‍රික් ළමා සභාව පසුගියදා ළමා සභාවේ ප්‍රධාන උපදේශක දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 
    මෙහි දී දිස්ත්‍රික් ළමා සභාවේ සාමාජීකයින් වෙත නිල සාමාජික හැඳුනුම්පතක් ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයා වෙතින් සිදු වූ අතර එය ළමා සභාවේ යෝජිත යෝජනාවකි.
     
    මෙහි දී සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතා , මෙම ළමා සභාවන්ගෙන් මහ සමාජයන්ට යන තරුණ දුවා දරුවන්ට විවිධ ගමන් මාර්ග පවතිනවා. ඇතැම් කෙනෙක් කථික හැකියාව නිසාවෙන් දේශපාලන ක්ෂේත්‍රයට  යා හැකිය, ඇතැම් අයෙක් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ඉහළ නිල තනතුරු වලට යා හැකි, තවත් අයෙක් සමාජයේ දුර දකින පුරවැසියෙක් වේවි, එනිසා මෙවැනි අවස්ථා දුවා දරුවන්ට ඉහළ පුනර්ජීවයක් සපයනවා.
     
    තව දුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා, “පසුගිය දිනෙක ලද අවස්ථාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි යෞවන සමාජ නිරික්ෂණය කරන්න අවස්ථාවක් මට ලැබුන. නෙළුව එක් යෞවන සමාජයක තරුණ පිරිසක් ලක්ෂ 30 ක් වියදමක් දැරිය යුතු අබලන් වූ පාලමක් රුපියල් 75,000 ක මුලික මුදලක් ලබා ගෙන අන් අයගේ සහයෝගය ඇතුව ඉදි කරල අවසන් කරල. ඔවුන්ගේ අතේ තිබුණෙ රුපියල් 75,000 ක මුදලක් විතරයි.ඉතිරි මුදල් සියල්ල එකතු කලේ ඔවුන්ගේ මහන්සියෙන්. මම එය දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යාපෘතිය ලෙස නම් කරා. ඒවගේම අග්‍රාමාත්‍යවරයාටත් ආරාධනයක් කරා එම ව්‍යාපෘතිය දැක බලාගෙන එතුමන් අතින්ම එම පාලම විවෘත කරන්න කියල. අපිට උවමනා එවැනි මිනිස්සු.
     
    මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සාමාජික දුවා දරුවන් රැසක් සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya