ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අරණායක නිවාස අහිමිවූවන්ට නව නිවාස

    ජනවාරි 10, 2017
    අරණායක සාමසර කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන්ට හා අධි අවදානම් කලාපවල සිටින පවුල්වලට නිවාස ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්.ඒ.එම් ෆයිසාල් මහතා පවසයි. 
    ඒ අනුව අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් පවුල් 571 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් 216 දෙනෙකු සඳහා නිවාස මේ වන විටත් ඉදිකරමින් පවතී. එයින් චීන රජයේ ආධාර ඇතිව නිවාස 100 ක්  හා ආයතන කිහිපයක් එකතුව නිවාස 40 ක් ඉදිකෙරෙන අතර එම නව නිවාස ඉදිකිරීමේ කටයුතු  ජනවාරි 16 දින ආරම්භ කිරීමට නියමිතව ඇත. 
     
    අවතැන් කඳවුරු වල සිටින පවුල් සඳහා අරණායක, කළුගල ප්‍රදේශයෙන් ඉඩම් කැබලි 76 ක්, හබලක්කාව ප්‍රදේශයෙන් ඉඩම් කැබලි 47 ක් මේ වන විට ලබා දී ඇති අතර අවතැන් පිරිස් සඳහා පදිංචියට සුදුසු නව ඉඩම් හඳුනාගැනීම ද කඩිනමින් සිදුකෙරෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.
     
    එමෙන්ම ස්වකැමැත්තෙන් ඉඩම් මිලදී ගන්නට පවුල් 121 ක් ඉල්ලීම් කර ඇති අතර ඉන් 90 දෙනෙකුගේ ඉඩම් ස්ථාන පරීක්ෂාවකින් පසු පදිංචියට සුදුසු බව තහවුරු කොට ඇත. එයින් 41 දෙනෙක් සඳහා ලක්ෂ 4 ක මුදලක් ලබා දී ඇත. එමෙන්ම තමන් විසින්ම නිවාස ඉදිකරන පුද්ගලයින් සඳහා පමණත් රු. 40,000 ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇති අතර එම ඉදිකිරීමේ කටයුතු සඳහා අදියරෙන් අදියරට රු. ලක්ෂ 12 දක්වා ලබා දීමට රජය තීරණය කොට ඇතැයි අරණායක ප්‍රා දේශීය ලේකම් ඉසඩ්.එම් ෆයිසාල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya