ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කැප්පෙටිපොල උත්තමාභිවන්දනා මහනුවර උත්සවය

    ජනවාරි 10, 2017
    නිදහස ලබා වසර ගණනාවක් ගත වී විධායක ජනාධිපතිවරු ඇතුළු රජයන් කිහිපයක් බලයට පත් වුවත් ඒ නායකයන්ට සහ රජයන්ට සිදු කිරීමට අමතක වූ විශේෂ කෘතගුණ සැලකීමක් කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට හැකියාව ලැබුනු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. 
    කැප්පෙටිපොල දිසාව ප්‍රමුණ විරුවන් සැමරීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන උත්තමාභිවන්දනා ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ අද (10) පැවති සැමරුමට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායාක මහත්මිය මෙම අදහස් පළ කරන ලදී.
     
    රට දැය වෙනුවෙන් තම ජීවිතය පුදකළ කැප්පෙටිපොල ඇතුළු පිරිස අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් බවට පත් කර වසර 198 ක් ගත වුවත් ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ගැන මෙරට කිසිදු රජයකට හෝ රාජ්‍ය නායකයකුට මතක් නොවූ බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය එම අවමානය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සමස්ථ ලාංකිකයන්ගේම අමන්දානන්දයට හේතු වන බවද පැවසීය. 
     
    මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රෙයේ පිහිටි කැප්පෙටිපොල ස්මාරකය ඉදිරියේ පැවති මෙම සැමරුමේදී ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් මෙම උළෙල පවත්වන ලදී.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya