ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පුහුල්වැල්ල නව සමථකාරවරුන් සඳහා වැඩමුළුවක්

    ජනවාරි 10, 2017
    ග්‍රාමීය මට්ටමේ ජනතාව අතර පවතින බොහෝ ආරවුල් වලට  දුප්පත්කම, නොදැනුවත්කම හා ගෘහස්ථ හිංසනය හේතුවන බව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.
    ඒ මහතා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් නව සමථකාරවරුන් පත් කිරීම සඳහාවු සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව පසුගිය දා කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැවති පස් දින පුහුණු වැඩමුළුව අවසන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    සමථකාරවරුන් වශයෙන් තෝරාගනු ලබන්නේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතු වූ ප්‍රදේශයේ කීර්තිමත්, දැන උගත් පිරිසක් වන අතර  සමථ මණ්ඩල පුහුණු වැඩමුළුවේ දී සිදුකරනු ලබන්නේ සමථ මණ්ඩල පනත ප්‍රකාරව ඔවුන් හා දැනුම හුවමාරු කර ගැනීමක් ය. සමථ කරුවන්ගේ කාර්යභාරය පිළිබඳව ලොකු ඇගයීමක් පවතී. සමාජීය හා සංස්කෘතික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද රටේ ජනතාව බලගැන්වීම සඳහා සමථ ක්‍රියාවලිය ඉවහල් වන බව ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.
     
    මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා ද අදහස් දැක්වී ය. එහි දී ඔහු අවධාරණය කළේ සමථ ක්‍රියාවලිය සත්භාවයෙන් කරන කටයුත්තක් බවත් ලංකාවේ සමථ මණ්ඩලයට එන ආරවුල් විසඳීමට වැය කරන්නේ රුපියල් පහක් වැනි සුළු මුදලක් බවත් මේ වන විට ලක්ෂ විස්සකට අධික ආරවුල් සමථ මණ්ඩල මගින් සමථකරණය කර ඇති බවත් ය.
     
    සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් හා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා 
    කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩලය වෙනුවෙන් 40 ට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya