දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ 15 පැවති මාසික කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය විය. ජල හිඟය උග්‍රව බලපෑ පදවිය හා හුරුළු වැව ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය. ඒ අනුව හුරුළු වැව ව්‍යාපාරයට අයත් ප්‍රදේශවල වගා ළිං 800ක් අලුතින් කැනීමට කටයුතු යොදා ඇත. මෙයින් වගා ළිං 730ක කැනීම් අවසන් කර තිබේ.
පදවිය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ එම ව්‍යාපාරයේ ගොවි ජනතාවට ද සහනයක් ලබාදෙමින් අලුතින් වගා ළිං 65ක කැනීම් කර තිබේ. මිට අමතරව පැවති ළිං 27ක රොන් මඩ ඉවත් කර පවිත්‍ර කිරීම ද සිදුකළ බව අනුරාධපුර නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය. අතිරේක බෝග වගාව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණක් වේ.
ECB/SB_dmu_Anuradapura