දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන දිස්ත්‍රික් රැකියා වෙළෙඳපොළ හා දිවි නැඟුම ස්වයංරැකියා අත්වැල අද (19) පෙරවරු 9.00 සිට නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වේ.
රැකියා සපයන ආයතන හා රැකියා අපේක්ෂකයන් එකිනෙකා මුණගැස්සවීම මෙන් ම වෙළෙඳපොළ අවස්ථා හඳුන්වා දීමත් මෙදින සිදු කෙරේ.
NDH