ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පවුල් ලක්ෂ 27කට දිවි නැගුම සහන අරුණින් අඩු පොලියට ණය

    අගෝස්තු 28, 2014
    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ යටතේ පවත්නා දිවි නැගුම ප්‍රජා මූල්‍ය බැංකුව හරහා ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම සහන අරුණ ණය යෝජනා ක්‍රමය පවුල් මිලියන 2.7ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිවි නැගුම සහන අරුණ වැඩසටහන පිළිබඳ ව දැනුවත් කිරීම නිමිත්තෙන් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව දිවි නැගුම සහනාධාරලාභී පවුල් 14,82,00ක්, එවැනි තත්ත්වයේ සිට බලගැන්වු පවුල් 679,000ක් හා 549,000ක් වන දිවි නැගුම බැංකු ප්‍රතිලාභීන් ඉලක්ක කරගනිමින් රුපියල් 5000/= සිට 50000/= දක්වා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
     
    මේ යටතේ රුපියල් 5000 බැගින් ණය ලබාගත්තද සියලු දෙනාට අවශ්‍ය ණය ලබාදීමට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 13.55ක් පමණි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය දිවි නැගුම ප්‍රජා මූල බැංකුව සතුය. දිවි නැගුම ජාතික වැඩසටහන හරහා දිවි නැගුම ප්‍රතිලාභීන්ට හිමිවන සියලු වරප්‍රසාදයන්ට අමතර ව මෙම ණය යෝජනා ක්‍රමය හරහා මුදල් ලබාගැනීමේ පහසුව ඇත. 
     
    මෙම සහන ණය යෝජනා ක්‍රමය හරහා ඉතා පහසුවෙන් හා ඉතා ඉක්මනින් අවශ්‍යතාව මත මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත. එපමණක් ම ණය ගෙවීමේ දී සහන කාලයක් ද හිමි වීම ද මෙහි ඇති විශේෂත්වයකි. දිවි නැගුම ප්‍රජා මූල බැංකු 1074ක්, ප්‍රජා මූල සමිති 332ක් හරහා මෙම ණය ලබාගැනීමේ පහසුතාව ඇත. වාර්ෂික පොලිය 4%ක් වන අතර දිවි නැගුම ප්‍රතිලාභියෙකු වීම පමණක් මෙම ණය ලබාගැනීම සඳහා ප්‍රමාණවත් වේ.
     
    ජනතාවට අවශ්‍ය මොහොතේ දී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මෙම කටයුත්තේ කිසිදු මැතිවරණ බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් පැවසීය. 
     
    මෙම සහන ණය යෝජනා ක්‍රමය සැප්තැම්බර් 01වැනිදා සිට ක්‍රියාත්මකය. මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රතිලාභීන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, මූලික උපකරණ මිලදී ගැනීම සහ ශ්‍රමය සඳහා වන ගෙවීම් වැනි කටයුතු සඳහා ය. එමෙන් ම පාරිභෝගික අවශ්‍යතාවයන්, ණය මුදලක් පියවීම සහ හදිසි අවශ්‍යතාවන් සඳහා ද මෙම ණය ලබාදීමේ අපේක්ෂිත කාර්යයන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya