ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්

    අගෝස්තු 29, 2014

    මුලතිව්, නඩ්ඩන්කන්ඩාල් ප්‍රදේශයේ සහ මල්ලාවි ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සැප්තැම්බර් 02 දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් යටතේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව අන්තර් අමාත්‍යාංශ වැඩසටහන යටතේ මෙය පැවැත්වේ.

     

    විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝගීන් 1000ක් පරීක්ෂා කිරීම, ආබාධිත රෝගීන් වෙනුවෙන් රෝද පුටු බෙදාදීම, දෘෂ්‍යාබාධිත රෝගීන් සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීම හා රෝගීන් පරීක්ෂාව, පුනරුත්ථාපන අධිකාරියේ පරීක්ෂාව යටතේ වෙද්‍යාධාර (බෙහෙත් වර්ග) බෙදාදීම, නඩ්ඩන්කන්ඩාල් රජයේ රෝහලේ මුළුතැන්ගෙය පුනරුත්ථාපන අධිකාරියේ ආධාර යටතේ පිළිසකර කිරීම යනාදිය මෙහිදී සිදු කිරීමට නියමිතය.

     

    මීට අමතරව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද එදින පස්වරු 3.30ට වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 50 දෙනෙකු වෙනුවෙන් පාපැදි 50ක් බෙදා දීමට ද කටයුතු යොදා ඇත. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya