ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල නේවාසිකාගාර 30ක වැඩ අවසන්

    අගෝස්තු 30, 2014
    පසුගිය වසර කිහපය තුළ විශ්වවිද්‍යාල 17ක් තුළ නේවාසිකාගාර 7ක් 8ක් පමණ අසංවිධානාත්මකව ක‍්‍රියාත්මක වුණු බවත් මේ සියල්ලන්ට ම පිළියමක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නේවාසිකාගාර 60ක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සලසා දුන් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින අමාත්‍යවරයාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    එම නේවාසිකාගාර 60 ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නේවාසිකාගාර 30ක වැඩ අවසන් ව තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. 
     
    එම නේවාසිකාගාරවල තත්ත්වය ඉතා ම ඉහළයි. පහසුකම් පිළිබඳව කථා කළොත් ඉඩ පහසුකම්, ගෘහ භාණ්ඩ, සනීපාරක්ෂක පහසුකම්, පොදු කාමර, අධ්‍යයන කාමර ඇතුළු පහසුකම් මෙම මේ නේවාසිකාගාර තුළ පවතිනවා. මීට අමතරව තවත් නේවාසිකාගාර 8ක් ඉදිවෙමින් පවතිනවා. 
     
    2005 වර්ෂයේ දී මට අමාත්‍යංශය භාර දෙනවිට ත‍්‍රිකුණාමල මණ්ඩපය, වවුනියා මණ්ඩපය වැනි විශ්වවිද්‍යාල මණ්ඩප "මඩු" විදියට තමයි ක‍්‍රියාත්මක වුණේ. අද ඒවා දැවැන්ත සංවර්ධනයකට ලක්වෙලා. 
     
    දැයට කිරුළ වයඹ විශ්වවිද්‍යාලයට ගෙන යන විටත් විවිධ විරෝධතා තිබුණා. නමුත් එයින් වයඹ විශ්වවිද්‍යාලයට ලැබුණු ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ගණනය කළ නොහැකියි. නවීන තාක්ෂණයෙන් යුත් 1200කට පහසුකම් සැලසිය හැකි ශ‍්‍රවණාගාරය, ගෘහස්ත ක‍්‍රීඩාගාරය, දේශන ශාලා මෙන් ම පරිපාලන ගොඩනැගිලි සංකීර්ණ දැයට කිරුළෙන් වයඹ විශ්වවිද්‍යාලයට ලැබෙනවා. අපි රුහුණු විශ්වවිද්‍යායටත් දැයට කිරුළ ගෙනියන්න උත්සාහ කළා. නමුත් එයට විවිධ දේශපාලන ඇඟිලි ගැසීම්, රජයේ නිලධාරින්ගේ, මැති ඇමතිවරුන්ගේ ඇඟිලි ගැසීම් සිදු වෙනවා. 
     
    විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ගෙනුත්, අනධ්‍යයන සේවක සේවිකාවන්ගෙනුත්, පොදු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් සියයට 80කට වඩා වැඩි පිරිසක් රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දැයට කිරුළ ප්‍රදර්ශනය තැබීම සම්බන්ධයෙන් ඉතා කැමැත්තෙන්  පසුව බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා තමන්ගේ විශ්වවිද්‍යාලය දියුණු කර ගැනීමේ අවංක පරමාර්ථය ඇතිව ඔවුන් ඊට කැමැත්තෙන් පසුවුවද ඔවුන්ගේ අවාසනාවට එම අවස්ථාව අහිමි වු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya