ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2014 අ‌ගෝස්තු මාසයේදී උද්ධමනය පහළ වැටේ

    අගෝස්තු 31, 2014

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි පසුගිය ජූලි මාසයේ  වාර්තා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමනයේ වාර්ෂික සාමාන්‍ය වෙනස්වීම 4.7% ට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 4.5%ක් ලෙස පහත වැටී ඇත.


    උද්ධමනය 3.6%ක් ලෙස සටහන් වූ පසුගිය ජූලි මාසයට සාපේක්ෂව විශේෂයෙන් එළවළු මිල ගණන් පහළ යාම හේතුවෙන් මෙම මාසයේදී 3.5%ක් ලෙස පහළ ගොස් ඇත.

     


    ඒ අනුව 2014 අ‌ගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ 0.5%ක් වූ මාසික පහළ යාම සඳහා ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ගවල මිල ගණන් පහළ යාම ප්‍රධාන දායකත්වයක් සැපයීය.

     

     

    ආහාර කාණ්ඩය තුළ, සියලුම වර්ගවල පාහේ එළවළු, අමුමිරිස්, අර්තාපල්, රතුළූණු සහ සමහර මත්ස්‍ය වර්ගවල සාමාන්‍ය මිල ගණන් ඍතුමය සාධක හේතුවෙන් පූර්ව මාසයට සාපේක්ෂව පහළ ගියේය. මේ අතර සහල්, පලතුරු සහ බිත්තර මිල ගණන් මෙම මාසය තුළ ඉහළ ගියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya