ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෝඹුරුඇල්ල ජලාශයෙන් වැලිමඩ හා ඌව පරණගම ගොවීන් 60,000කට වාරි ජලය

    අගෝස්තු 31, 2014

    වසර 40කට පසු ප්‍රතිසංවර්ධනය කරනු ලබන බෝඹුරුඇල්ල ජලාශය මගින් වැලිමඩ හා ඌව පරණගම ගොවීන් 60,000කට පමණ වාරි ජල පහසුකම් ලබා දීමට හැකි ව ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 29 වන දින නුවරඑළියේ පිහිටි බෝඹුරුඇල්ල ජලාශ භූමියේදී පැවසීය.


    අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ දස ලක්ෂ 10ක වියදමකින් ප්‍රතිසංවර්ධනය කරන බෝඹුරුඇල්ල ජලාශයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුවය.
     

    මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, කවදත් මේ රටේ ගොවි ජනතාව ගැන අවධානය යොමු කළේ, ඔවුන්ගේ දුක සැප බැලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා තමයි 1976 වසරේ එවකට මේ රටේ අග්‍රාමාත්‍යවරිය වශයෙන් සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් මේ ජලාශය ඉදි කරනු ලැබූයේ. නමුත් මේ ජලාශය වසර 40ක් පුරා ප්‍රතිසංවර්ධන කටයුතු කිසිම රජයකින් සිදු කර නැහැ. මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.


    මෙවැනි සාර්ථක කටයුත්තක් කරන අවස්ථාවෙදීත් අපේ විරුද්ධවාදීන් බොරු ප්‍රචාරයන් ගෙන යනවා. මේ තමයි දේශපාලන කුහකත්වය. ඒ නිසා අපේ ගොවි ජනතාව මේ පිළිබඳ ව දැනුවත් ව සිටිය යුතුයි. වසර 2001 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පරිවාස සන්ධාන ආණ්ඩුව යටතේ මේ වැව්, කෘෂිකර්මය භාර ව කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් ඔවුන් මේ රටේ ගොවි ජනතාවට හෝ වාරි ක්ෂේත්‍රයට කරපු සේවයක් නැහැ. රට පුරා වැව් දහසක් යන සංකල්පය අරගෙනයි ඔවුන් ආවේ. ඒත් සංකල්පය විතරයි. හදපු එක වැවක් නැහැ.


    අපි මෙම ප්‍රධාන ජලාශවලට අමතර ව කුඩා වැව් 100ක් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඉදි කිරීම ආරම්භ කර තියෙනවා. මේ වන විට කුඩා වැව් 23ක් ජනතා අයිතියට පත් කරලා තියෙනවා. ඒ සෑම වැවකට ම මේ බෝඹුරුඇල්ල ජලාශයේ ජලය කිලෝ මීටර් 16ක් දිග උමා ඇළ මාර්ගය ඔස්සේ වාරි ජලය ගලා යනවා. ඒ තුළින් වැලිමඩ ප්‍රදේශයේ සිටින අල ගොවීන්ට සහ ඌව පරණගම ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන් කරන ජනතාවට ඉතා ටික කාලයකින් අවශ්‍ය ජල පහසුකම් ලැබෙනවා.


    එමෙන් ම අල ගොවීන්ට හොඳ සහතික මිලක් රජය ලබා දීලා තියෙනවා. පොහොර සහනාධාරය ලබා දීලා තියෙනවා. ගොවි මහතුන්ට මෙවැනි සහනාධාර ලබා දීලා තියෙන එක ම රජය සන්ධාන රජයයි. මේ බව අපේ ගොවි මහතුන් ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඒ නිසා අපි දන්නවා එළැඹෙන ඌව මැතිවරණයේදී අපේ ගොවි ජනතාව බුලත් කොළය ඉදිරියේ කතිරය ගසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක් ලබා දෙනවා.


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මිය, බදුල්ල කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඒ.එම්. අස්වර් ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධානවල නියෝජිතවරු විශාල පිරිසක් ද එක් වූහ.

     

    HC/WA

     

    bomburu ella reconstuction

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya