ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2013දී ත්‍රීපෝෂ නිෂ්පාදනයට මිලියන 2000ක්

    සැප්තැම්බර් 01, 2014
    පසුගිය වසරේ ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 2000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන් කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.


    ඇය මේ බව පැවසුවේ පසුගියදා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති  "නිසි පෝෂණයෙන් සුවැති දැයක්" යන්න තේමා කරගනිමින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති වැඩමුළුවක් අමතමිනි. "ජීවිතයට පෝෂණය - පෝෂණයෙන් ජීවිතය " මැයෙන් ඇය මෙහිදී දේශනයක් පැවැත්වීය. 

     

    මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රුපියල් මිලියන 1500කට වැඩි මුදලක් යොදවනු ඇත. ජාඇළ, කපුවත්තේ පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ කර්මාන්ත ශාලාවේ සේවක පිරිස 200ක් පමණ වේ. ත්‍රීපෝෂ වැඩසටහනේ අරමුණ වන්නේ මාතෘ හා ළමා මන්දපෝෂණය අඩුකිරීම හා වළක්වා ගැනීමයි. ප්‍රධාන ආහාර වේල් මඟින් සපුරාලීමට නොහැකි වූ පෝෂණ ඌනතාවන් සපුරාලීමට ත්‍රීපෝෂ උපකාරි වන බව ද ඇය පැවසුවාය.

     

    ත්‍රීපෝෂ ප්‍රතිලාභීන් වන්නේ සියලුම ගර්භනී මව්වරුන්, ළදරුවාට මාස 06ක් ගත වන තුරු සියලුම කිරිදෙන මව්වරුන්, මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා වයස අවුරුදු 05ට අඩු පෙරපාසල් දරුවන් වේ. පෝෂණ ඌනතාවෙන් පෙළෙන දරුවාට පමණක් දිනකට නියමිත ග්‍රෑම් 50ක ප්‍රමාණයක් ත්‍රීපෝෂ ලබා දිය යුතුයි. ගර්භනී හෝ කිරිදෙන මවකට ප්‍රධාන ආහාර වේල් 03ට අමතරව ත්‍රීපෝෂ මේස හැඳි 03ක් දිනපතා ආහාරයට ගත යුතු බවත් මව්වරුන්, දරුවන්ගේ අයිතියක් ලෙස ත්‍රීපෝෂ ලබා දිය යුතු බවට සිතුවත් එය එසේ නොවන බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

     

    මෙහිදී අනාගත පරම්පරාවේ යහ පැවැත්ම වෙනුවෙන් ජීවිතයේ රත්තරන් දින දහස පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි. එනම් මව්කුස තුළ දින 280ක් හා ඉපදී වයස අවුරුදු 02 දක්වා වූ කාලය මේ රත්තරන් දින දහසට අයත් වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya