ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මැදිරිගිරිය ජනතාවට වියළි සලාක, සහනාධාර හා ජලය

    සැප්තැම්බර් 01, 2014
    වියළි කාලගුණය හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව සඳහා වියළි සලාක, සහනාධාර හා ජලය බෙදාදීම අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා විසින් ඊයේ (31) සිදු කරන ලදී.
     
     ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා විශාල පිරිසක් මේ වන විට අසීරුතාවට පත්ව සිටින අතර ඔවුන් වෙත පිළිසරණක් දක්වමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා එම ප්‍රදේශයේ ජනතාව වෙත සහනාධාර බෙදා දීමට කටයුතු කළේය. 
     
    ඊට සමගාමීව පාසල් දරු දැරියන් සඳහා පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමට ද ඒ මහතා කටයුතු කළේය. 
     
    මැදිරිගිරිය යාය දෙක ගම්මානයේ මහතලාකොළ වැව පුරණ ගම්මානයේ සහ වඩිගවැව කඳුරුගස් වැව යන ප්‍රදේශවලදී සිදු කළ සහනාධාර බෙදාදීමේ අවස්ථාව සඳහා දොළුව, ගනේගොඩ ලංකාතිලක විහාරවාසී, ලෝක බෞද්ධ සරණ පදනමේ විධායක ලේකම් පූජ්‍ය දෙහිගස්තැන්නේ සුමනසාර හිමිපාණන් වහන්සේ, දේවගැති කුමාර රාසයියා පියතුමා, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේහ පියසිංහ, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාලිත අබේරත්න, මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් විජේසේක, දිලිනි වාසිනී ජයරත්න, තුසිත ගම්ලත් යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya