ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දිවි නැගුම සහන අරුණ රඹුක්කනට

    සැප්තැම්බර් 01, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දිවයින පුරා සමාද්ධිලාභී පවුල් ඉලක්ක කරගනිමින් ආරම්භ කළ දිවි නැගුම  සහන අරුණ වැඩසටහනින් ප්‍රජා මූල බැංකුව හරහා ණය නිකුත් කිරීමේ කටයුතු අද (01) රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ වහව - වැලිගමුව  දිවි නැගුම බැංකු පරිශ්‍රයේදී සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    ඇපකරුවන්  නැති, වයස් සිමාවක් නැති, බැඳුම්කර නැති, අමතර ලියකියවිලි නැති දිවි නැගුම ප්‍රතිලාභීන්ට (සමෘද්ධිලාභීන්)  පමණක් සීමා වූ සහන අරුණ ණය වැඩපිළිවෙළ යටතේ දිවි නැගුම ප්‍රතිලාභියෙකුට රුපියල් 5000ත් 50,000ත් අතර ණය මුදලක් ලබාගත හැකිය.
     
    ණය ආපසු ගෙවීමට වසරක බදු විරාම කාලයක් ලැබෙන අතර අදාළ ණය වාරික 24ක් තුළ ගෙවා නිම කළ හැකිය. 
     
    දිවිනැගුම ප්‍රතිලාභීන් (සමෘද්ධිලාභීන්) 15ක් සමාරම්භක අවස්ථාවේදීම ණය ලබාගත් අතර ස්වයං රැකියා, ජීවනෝපා මාර්ග සංවර්ධනය මෙන් ම පාරිභෝගික අවශ්‍යතා සඳහා ද ණය බරින් මිදීම සඳහා ද මෙම ණය මුදල් ලබාගත හැකිය.
     
    මෙහිදී මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ  රඹුක්කන දිවි නැගුම බැංකුවේ මේ වන විට සමෘද්ධිලාභීන් හෙවත් දිවි නැගුම ප්‍රතිලාභීන් විසින් තැන්පත් කරනු ලැබූ මුදල රුපියල් තිස්එක් කෝටිය ඉක්මවා ඇති බවය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya