ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවේ සංවර්ධනය එහි මුල් පදිංචිකරුවන්ගේ කැපකිරීම් නිසා ඇතිවූවක්

    සැප්තැම්බර් 03, 2014
    පොලොන්නරුව ප්‍රදේශවල දකින සංවර්ධනය මෙහි පැමිණි මුල් පදිංචිකරුවන්ගේ ලෙයින්, කඳුළින්, දහදියෙන් සිදු වූ බව අප අමතක නොකළ යුතු බවත් ගමේ දියුණුව ඇති වන්නේ පියවරෙන් පියවර බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) සිය උපන්ගම වන පොලොන්නරුව, ලක්ෂ උයන ගම්මානයේ අභිනවයෙන් ඉදිකොට විවෘත කරනු ලැබූ ඇල්බට් සිරිසේන සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. "තමන් පුංචි කාලයේ සිය උපන් ගම වන ලක්ෂ උයන ග්‍රාමයේ ප්‍රජා මණ්ඩලයට සම්බන්ධ වී මිනීපිටි හෙළිපෙහෙළි කිරීම්, ශ්‍රමදාන ආදී පොදු කටයුතුවල නියැළී රෑ බෝවී ගෙදර යන විට ගම්මුලාදෑනියෙක් වූ තම පියා උඹ ඔය තරම් අනුන්ට උදව් කරන්නේ කවුන්සිලයට යන්නටදැයි කියා තමන්ට බැන වැදුණු බවත් තමන් මතු දිනෙක කවුන්සිලයට යනු ඇතැයි තම පියතුමාවත් නොසිතන්නට ඇතැයි කීය.

     

    මහා පරාක්‍රමබාහු රජතුමාගේ පලතුරු උයනයි මේ ලක්ෂ උයන කියන්නේ. එතුමා එක් පලතුරු වර්ගයකින් පැළ ලක්ෂයක් බැගින් රෝපණය කළ බවක් ඉතිහාසයේ සඳහන් වේ. මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයන් නිසයි පොලොන්නරුව, අම්පාර, ත්‍රීකුණාමලය වැනි දිස්ත්‍රික්කවල ගොවි ජනපද බිහි වුණේ. එම නිසා එවැනි ශ්‍රේෂ්ඨ නායකයන්ට පිං පැමිණ විය යුතුයි මේ ගොවිජනපද ඇති කිරීම පිළිබඳව.  අද අපි දකින මේ සංවර්ධනයට මුල් වුණේ එදා මේ ප්‍රදේශවලට පැමිණි අපේ දෙමාපියන් මුල් පදිංචිකරුවන් වීමයි. ඒ ශ්‍රේෂ්ඨ මව්වරුන්ගේ, පියවරුන්ගේ ලෙයින්, කඳුළින්, දහදියෙන් මේ සියල්ල සිදු වූ බව අප අමතක කළ යුතු නෑ. ගමේ දියුණුව ඇති වන්නේ පියවරෙන් පියවරයි. එදා අපට යන්න හරියට පාරක් තොටක් තිබුනේ නැහැ. ගමට වාහනයක් තිබුණේ නැහැ. වැඳුම් පිදුම් කරන්න පන්සලක් අපේ ගමට එදා තිබුණේ නැහැ. මට මතකයි මම පුංචි කාලේ ගමේ ප්‍රජා මණ්ඩලයට සම්බන්ධ වෙලා වැඩ කළා. එදා පාර්ලිමේන්තුවට කිව්වේ කවුන්සිලය කියලා. එදා මගේ තාත්තාවත් දැනගෙන හිටියේ නැහැ මම අනාගතේ දවසක කවුන්සිලයට යයි කියලා" යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

     

    මේ උත්සවය අමතා තමන්කඩුව ප්‍රාදේශීය සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලි ජයලත් මහත්මියත් කතා කළ අතර තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් සුජන්ත ඒකනායක, ලක්ෂ උයන ග්‍රාම නිලධාරී යූ.ජී. නයනානන්ද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya