ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "සිප් සවිය" පරිගනක හා වෘත්තීය පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහන වයඹ පළාතේ

    සැප්තැම්බර් 03, 2014
    වයඹ පළාතේ මෙවර උසස් පෙළ අවසන් සිසු සිසුවියන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසහන් රැසක් වයඹ පළාත් සභාව හරහා නොමිලේ පැවැත්වීමට වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා කටයුතු යොදා ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා  ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙම දේශන හා පාඨමාලා මෙහෙයවනු ලැබේ.
     

    මේ යටතේ තොරතුරු තාක්ෂණ පාඨමාලා, පරිගනක දෘඩාංග පාඨමාලා, පරිගනක චිත්‍රන පාඨමාලාව, මානව සම්පත් කළමනාකරණ සහතිකපත් පාඨමාලා,  මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, වරලත් ගණකාධිකරණ පාඨමාලා, ජනමාධ්‍ය පාඨමාලා, ඉංග්‍රීසි පාඨමාලා, රූපලාවන්‍ය පාඨමාලාව,  සාරි සැකසීම හා වැඩ දැමීමේ පාඨමාලා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    මෙම පාඨමාලා අවසානයේ පිළිගත් සහතිකයක් පිරිනැමේ. මේ සඳහා උනන්දුවක් දක්වන අය 2014 සැප්තැම්බර් 07 ඉරිදා උදේ 8.30 ට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වී ඒ සඳහා අවස්ථාව ලබා ගන්නා ලෙස වයඹ පළාත් සභාව පවසයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya