ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කිතුලක වරුණ ජාතික ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල මහනුවරදී

    සැප්තැම්බර් 03, 2014
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන කිතුලක වරුණ ජාතික ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල ලබන 05 දින පෙ.ව. 10.00ට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ කිරීමට නියමිත බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල සැප්තැම්බර් 06 සහ 07 දින දෙකේදීද පැවැත්වීමට නියමිතය. 

     

    කිතුල් නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවන් සඳහා අලෙවි පහසුකම් සැලසීම සහ පාරිභෝගිකයන් සඳහා නියම කිතුල් නිෂ්පාදන මිල දී ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කර ගනිමින් මෙම ප්‍රදර්ශනය මහනුවරදී පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.

     

    දිවයින පුරා විසිරී සිටින කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාර්ථකව නියැළී සිටින කර්මාන්තකරුවන් රැසක් මෙම ප්‍රදර්ශනයේ අලෙවි සහ ප්‍රදර්ශන කුටි පවත්වන අතර කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා සේවා සපයන රාජ්‍ය ආයතනවල තොරතුරු කවුළු කිහිපයක්ද මෙහි විවෘත කර තැබීමට නියමිතය.

     

    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම උත්සවය සම්බන්ධීකරණය කරනු ලබයි.

     

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මැති ඇමතිවරුන් හා මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය. 

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya