ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදාව වානේ උපාංග නිෂ්පාදන කටයුතු අරඹයි

    සැප්තැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාවේ කටයුතු සඳහා අවශ්‍ය වානේ උපාංග නිෂ්පාදනය කිරීමේ කටයුතු කොස්ගම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු යුද හමුදා කාර්මික වැඩපොළේ දී ඊයේ (02) ආරම්භ විය.
     
    ඒ අනුව යුද හමුදාවට අවශ්‍ය බැරැක්ක උපකරණ, යන්ත්‍ර සුත්‍ර උපකරණ හා සියලු වානේ උපාංග නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි.
     
    මෙම ව්‍යාපෘතිය යුද හමුදාපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කරන අතර යුද හමුදාවට අවශ්‍ය වානේ උපකරණ වාර්ෂික ව පෞද්ගලික නිපැයුම්කරුවන්ගෙන් මිලදීගැනීමට වැය වන විශාල මුදලක් මේ හරහා ඉතිරි කරගත හැකි වේ.
     
    සති කිහිපයකට ඉහත දී ගෘහ භාණ්ඩ නිපදවීම සඳහා වැඩපොළක් කටුබැද්දේ දී හා වානේ භාණ්ඩ වැඩපොළක් දොඹගොඩදී විවෘත කරන ලදී.
     
    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පවතින සම්පත් මඟින් හඳුනාගත් බැරැක්ක උපකරණ, ලෝහ ඇඳන් හා සැහැල්ලු උපකරණ නිෂ්පාදනය කෙරේ.
     
    දෙවැනි අදියරේ දී ඇලුමිනියම් සම්බන්ධ කටයුතු කෙරෙහි ද අවධානය යොමු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya