ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ ඇස් කණ්ණාඩි

    සැප්තැම්බර් 04, 2014
    කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකේ අඩු ආදායම්ලාභී පවුල්වල අක්ෂි ආබාධයට ලක්වූවන්ට නොමිලේ ඇස් කණ්ණාඩි සහ නොමිලේ අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වේ.
     
    පළාතේ අක්ෂි ආබාධයන්ට ලක්වූවන් විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගේ  සායනයන්ට යොමු කිරීමෙන් පසු ඔවුන්ගේ නිර්දේශ මත එක් එක් පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි සකස් කර එකී අක්ෂි රෝගීන්ට නොමිලේ ලබාදෙන මෙම වැඩපිළිවෙළ සඳහා සබරගමුව පළාත් සභාව විමධ්‍යගත මන්ත්‍රී අරමුදල හරහා වසරකට වැය කර මුදල රුපියල් තිස්තුන් ලක්ෂයක් පමණ වේ.
     
    එම වැඩපිළිවෙළ යටතේ ගලිගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අඩු ආදායලාභීන් සිය දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම පසුගිය දා එම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
    මෙසේ අක්ෂි ශල්‍යකර්ම නොමිලේ පවත්වා නොමිලේ අදාළ කාච ලබාදුන් පිරිස පන්දහස ඉක්මවයි.
     
    මීට අමතරව අක්ෂි ආබාධයන්ගෙන් මිදීම සඳහා ශල්‍යකර්මයක් සිදුකළ යුතු එහෙත් ඒ සඳහා ආර්ථික සවිය නොමැති සබරගමු පළාතේ තවත් අක්ෂි රෝගීන් 5000 වැඩි පිරිසකට මේ වන විට සබරගමු පළාත් සභාවේ මැදිහත්වීමෙන් එම අක්ෂි ශල්‍යකර්මය සිදු කර ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කීය.
     
    මෙවන් අසරණ රෝගීන් සඳහා අක්ෂි ශල්‍යකර්ම සහ ඊට අදාළ කාච සබරගමුව පළාත් සභාව නොමිලේ  සපයන අතර ශල්‍යකර්ම සිදු කරන සීදූව විජය කුමාරණතුංග අනුස්මරණ අක්ෂි රෝහල දක්වා එකී රෝගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සබරගමු පළාත් මහ ඇමති සහ පළාත් සෞඛ්‍ය ඇමති මහීපාල හේරත් මහතාගේ නියෝගයෙන් නොමිලේ සැපයෙන බව කී කන්නන්ගර මහතා සුව දෑස නමින් හැඳින්වෙන මෙම වැඩපිළිවෙළට සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 50ක් වෙන් කර ඇතැයි ද කීය.
     
    එම අක්ෂි ශල්‍යකර්ම සීදූව විජය කුමාරණතුංග අනුස්මරණ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්. අමරතුංග මහතා විසින් සිදු කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya