ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තිරප්පනේ මීවැල්ලෑව විදුහල ගැන පරීක්‍ෂණයක් - මහ ඇමති නියෝග කරයි

    සැප්තැම්බර් 05, 2014

    මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයට අයත් තිරප්පනේ මීවැල්ලෑව විදුහලට කිසිදු දැනුම් දීමකින් තොරව ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි පැමිණි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය පිළිබඳව වහා ම පරීක්‍ෂණයක් පවත්වන ලෙස සහ නව විදුහල්පතිවරයෙකු පත් කරන ලෙසට එම ස්ථානයේදීම ජංගම දූරකතනය ඔස්සේ උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය. 


    තිරප්පනේ මීවැල්ලෑව කුඩාවැවෙහි නවීකරණ කටයුතු සඳහා ඊයේ (04) පැමිණි අවස්ථාවේ දී පාසලේ කටයුතු ඉතා අක‍්‍රමවත්ව පවතින බවට ගම්වාසීන් විසින් කරන ලද පැමිණිල්ලක් මත ඒ මොහොතේ ම ක‍්‍රියාත්මක වූ ප‍්‍රධාන ඇමැතිවරයා පාසල තුළට පැමිණි අවස්ථාවේ දී ගුරුවරුන් පංති කාමරවල තුළ නොසිටි අතර විදුහල්පතිවරයා ද පාසල තුළ නොසිටියේ ය.


    මීවැල්ලෑව විදුහලේ පාසල් පංති කාමර කරා ගමන් කළ ප‍්‍රධාන ඇමැතිවරයා පාසල් දරුවන්ගෙන් ගුරුවරුන් පිළිබඳව විමසීම් කළ අතර ගුරුවරුන් උදෑසනම පාසලට පැමිණි බවත් දැන් කොහේදැයි නොදන්නා බවත් දැනුම් දුන්හ.

    පාසල් ළමුන්ගේ අධ්‍යාපන කාලය තුළ ගුරුවරුන් නොසිටීම පිළිබඳව පාසලට පැමිණි සිටි දෙමාපියෝ පාසලේ තත්ත්වය නිරන්තරයෙන් මේ ආකාරය බව ද තම දරුවන්ට පිහිටවන ලෙස ද ඔවුහු මහ ඇමැතිවරයාට දැනුම් දුන්හ.

    ගුරුවරුන් පිළිබඳ දැඩි පියවරක් ගන්නා බව දෙමාපියන්ට දැනුම් දුන් ප‍්‍රධාන ඇමැතිවරයා නව විදුහල්පතිවරයෙකු පත් කරන බව ද දැනුම් දුන්නේ ය. රජයේ මුදලින් පඩි ලබන නිලධාරීන්ගේ යුතුකම මහජනතාවට සේවය කිරීම බව ද මෙහිදී සමරකෝන් මහතා පැවැසීය. 

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, කේ.පී.එස්. කුමාරසිරි, තිරප්පනේ ප‍්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ, ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු සහ ප‍්‍රදේශවාසීහූ ද එක්වූහ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya