ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වයඹ බුලතට හොඳ කලක්

    සැප්තැම්බර් 05, 2014


    වයඹ පළාතේ විශාල වශයෙන් වගා කරන බෝගයක් වන බුලත් වගාව සඳහා නිසි ක්‍රමවේදයක් යටතේ අලෙවි කිරීමේ හැකියාවක් වර්තමානයේ පවතින බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) නාරම්මල පැවති ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පය පරිදි ඉදිවෙන නව බුලත්පොළට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, “දේශීය ගැනුම්කරුවන් පමණක් නොව විදේශීය ගැනුම්කරුවන්ට පවා අප වෙත පැමිණ බුලත් මිලදී ගැනීමේ අවස්ථාවක් පළාතේ බුලත් ගොවීන්ට උදාවු බවයි.


    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විශේෂ සංවර්ධන ප්‍රතිපාදන යටතේ සහ දැයට කිරුළ යටතේ විශාල වෙළඳපොළවල් සකසා ගෙන යනවා. වෙනදා තිබෙන වෙළඳපොළවල් නෙමෙයි අද තියෙන්නේ. ඉස්සර වෙළඳපොළවල් අවසන් වුණාම දවස් ගානක් යනවා සුද්ද කරන්න. සමහර වෙලාවට සත්තු අවුස්සලා ජරා වෙලා තියෙන්නේ. වෙළඳපොළේ වැඩ කටයුතු ඉවර වුණා ම, සමිති සමාගම් පවත්වන්න, සංගීත සංදර්ශන පවත්වන්න වගේ දේවල්වලටත් මේ භූමිය යොදා ගන්න පුළුවන්. ඒ ආකාරයේ වෙළඳපොළවල් තමයි අද බිහිවෙන්නේ. ජනාධිපතිතුමාගේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පය පරිදි මේ නව වෙළඳපොළ සංකල්පය හඳුන්වලා දෙනවා. ඒ අනුව ප්‍රාදේශීය සභාවලට ප්‍රශ්නයක්ව තිබුණු වෙළඳපොළවල් දැවැන්ත විදියට සංවර්ධනය කරනවා. ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විශාල කැප කිරීමක් කරනවා. 


    ඒ වගේම මිලියන 498ක් වියදම් කර පළාත් සභාවෙන් මුළු වයඹ පළාතේ ම පොළවල් 40ක් මේ අවුරුද්ද ඇතුළත ඉදිකිරීමට කටයුතු කරනවා. මේක බුලත්පොළක්. ග්‍රාමීය මට්ටමින් විශාල ආදායමක් එන තැනක්. ගම්වල බුලත් ගොවීන් ඉන්නවා. වෙළඳපොළ ශක්තිමත් කරන්න  ඔවුන්ට අපි උදව් කරන්න ඕනේ. මම ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක කතා කළා. ලබන ජනවාරි වෙන කොට කුරුණෑගලට කිලෝ මීටර 400කුත්, පුත්තලමට කිලෝ මීටර 200ක් මාර්ග කාපට් කිරීමේ වැඩපිළිවෙළ පටන් ගන්නවා. නාරම්මල ප්‍රදේශයේත් කිලෝ මීටර 35ක් ඉදිවෙනවා. ඒ වගේ ම වයඹ පළාතේ  කිලෝ මීටර 600ක් පමණ මාර්ග සංවර්ධනය කරපු යුගයක් තිබුණා නම් ඒ සියල්ල සිදු වුණේ අපේ පළාත් සභාවෙන් පමණයි. අපි අපේ කාර්යභාර්යය ඒ වෙනුවෙන් හරියට ඉටු කළ යුතුයි. 


    මෙම අවස්ථාවට නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්. සුමනසිරි, ප්‍රධාන අමාත්‍ය උපදේශිකා අචලා බෝගොල්ලාගම, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya