ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මදුරු මර්දන සතිය සැප්තැම්බර් 10 සිට 16 දක්වා

    සැප්තැම්බර් 06, 2014

    ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් 10 සිට 16 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම සතිය තුළ ජනාධිපති කාර්ය සාධක බලකාය, ත‍්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය හා ප‍්‍රජාව එක් ව වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


    මේ වැඩසටහන යටතේ සැප්තැම්බර් 10 දින සියලු ම අධ්‍යාපනික ආයතන ද, සැප්තැම්බර් 11 වන දින සියලු ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද, සැප්තැම්බර් 12 දින පොදු ස්ථාන හා නාගරික කානු පද්ධති ද පරීක්ෂාවට ලක් කෙරේ. 

     

    සැප්තැම්බර් 13 දින කර්මාන්තශාලා හා නේවාසික පරීක්ෂා කිරීම ද, සැප්තැම්බර් 14 වන දින ආගමික ස්ථාන හා නිවාස පරීක්ෂා කිරීම ද , සැප්තැම්බර් 15 වන දින ඉදිකිරීම් වැඩ බිම් හා අත්හැර දැමූ ඉඩම් පරීක්ෂා කරන අතර සැප්තැම්බර් 16 වන දින විශේෂිත ස්ථාන වන බස් ඩිපෝ, පොදු ස්ථාන, සුසාන භූමි, මහා මාර්ග හා දුම්රිය මාර්ගයන් ද පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ. 

     

    මෙම සතිය තුළ ක‍්‍රියාත්මක කරනු ලබන මදුරු මර්දන වැඩසටහන තුළින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීමට හා ප‍්‍රජාව තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීම ප‍්‍රධාන අරමුණු වී ඇත. 
       
    පසුගිය මාස දෙක තුළ බස්නාහිර පළාත තුළ 50,000ක ශ‍්‍රම බලකායක් එක් ව ක‍්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන ඉතා සාර්ථක ලෙස නිම කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා ඊයේ (05) පැවති සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.  

     

    මෙහිදී නිවාස පරිශ‍්‍රයන් 621,295ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර නිවාස 14,096කට රතු නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව නිවාස 2810කට නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇති බව අනාවරණය විය.

     

    පසුගිය අගෝස්තු 29 සිට 31 දක්වා ක‍්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන තුළින් පාසල් පරිශ‍්‍රයන් 1,219ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අතරින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 729ක් හඳුනා ගෙන ඇත. මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 29,000ක් වන අතර මරණ 64ක් සිදුව ඇති අතර මරණ අනුපාතය 0.2%කි.

    මෙම අවස්ථාව සඳහා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා, පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්වින්ටස් රේමන්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කොමදෝරු නිලන්ත හීනටිගල, වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා පබා පලිහවඩන හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එන්.එස්.ආර්. හේවාගීගන රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.      

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya