ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලක්විජය බලාගාරයට චීනයෙන් තාක්ෂණික සහයෝගිතාව

    සැප්තැම්බර් 07, 2014
    මෙගා වොට් 900ක විදුලි උත්පාදනයකින් සමන්විත වන පුත්තලම ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ස්ථාවර හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගිතාව ලබාගැනීම සඳහා මහජන චීන සමුහාණ්ඩුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
     
    මෙම අවබෝධතා ගිවිසුම මහජන චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින් පින් (Xi Jinping) මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී දෙරටේ රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී අත්සන් තැබීමට නියමිතය.
     
    අවබෝධතා ගිවිසුම ලංකා විදුලිබල මණ්ඩලය සහ චීන යන්ත්‍ර ඉංජිනේරු සංස්ථාව (China Machinery Engineeriing Corporation) අතර අත්සන් කරනු ලබයි.
     
    මෙම අවබෝධතා ගිවිසුම මගින් ස්ථාවර, විශ්වාසනීය, කාර්යක්ෂම සහ ඵලදායික ලෙස මෙගාවොට් 3x300 ව්‍යාපෘතියේ යන්ත්‍රාගාර තුන ම ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහයෝගය සැපයීම සඳහා පුළුල් රාමුවක් තුළ තාක්ෂණික සහයෝගිතාව සඳහා ඉඩ සලසා දී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya