ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මදුරු මර්දන සතිය අද සිට 16 දක්වා

    සැප්තැම්බර් 10, 2014

    ජාතික මදුරු මර්දන සතිය අද (10) සිට 16 දින දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම සතිය තුළ ජනාධිපති කාර්ය සාධක බලකාය, ත‍්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය හා ප‍්‍රජාව එක් ව වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


    මේ වැඩසටහන යටතේ අද දින සියලු ම අධ්‍යාපනික ආයතන ද, හෙට (11) සියලු ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද, අනිද්දා (12) පොදු ස්ථාන හා නාගරික කානු පද්ධති ද පරීක්ෂාවට ලක් කෙරේ.

     

    සැප්තැම්බර් 13 දින කර්මාන්තශාලා හා නේවාසික පරීක්ෂා කිරීම ද, සැප්තැම්බර් 14 වන දින ආගමික ස්ථාන හා නිවාස පරීක්ෂා කිරීම ද , සැප්තැම්බර් 15 වන දින ඉදිකිරීම් වැඩ බිම් හා අත්හැර දැමූ ඉඩම් පරීක්ෂා කරන අතර සැප්තැම්බර් 16 වන දින විශේෂිත ස්ථාන වන බස් ඩිපෝ, පොදු ස්ථාන, සුසාන භූමි, මහා මාර්ග හා දුම්රිය මාර්ගයන් ද පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ.

     

    මෙම සතිය තුළ ක‍්‍රියාත්මක කරනු ලබන මදුරු මර්දන වැඩසටහන තුළින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීමට හා ප‍්‍රජාව තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීම ප‍්‍රධාන අරමුණු වී ඇත.

    පසුගිය මාස දෙක තුළ බස්නාහිර පළාත තුළ 50,000ක ශ‍්‍රම බලකායක් එක් ව ක‍්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන ඉතා සාර්ථක ලෙස නිම කර තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ඇති බවසෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    මෙහිදී නිවාස පරිශ‍්‍රයන් 621,295ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර නිවාස 14,096කට රතු නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව නිවාස 2810කට නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇති බව අනාවරණය විය.

     

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya