ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ දුගී දුප්පත් පවුල් 500කට නිවාස ආධාර

    සැප්තැම්බර් 09, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන ආධාරලාභීන් සහ දිවි නැගුම හෙවත් සමෘද්ධි ආධාරලාභීන් 500 දෙනෙකුට නිවාස ආධාර මුදල් බෙදා දීම මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, රඹුක්කන, කෑගල්ල, ගලිගමුව, දැදිගම, රුවන්වැල්ල, යටියන්තොට හා දැරණියගල යන සියලු මැතිවරණ කොට්ඨාසවල මහජන ආධාර ලබන පුද්ගලයකුට රුපියල් 20000ක ආධාර මුදලක් ද, සමෘද්ධිලාභී පුද්ගලයකුට රුපියල් 10000 බැගින් ද ආපසු අය කර ගන්නා නොගන්නා එදින බෙදා දුන් චෙක් පත් සංඛ්‍යාවේ වටිනාකම රුපියල් ලක්ෂ 70කි.
     
    මෙම චෙක්පත් ප්‍රදානය පසුගිය සිකුරාදා කෑගල්ල මොලමුරේ මාවතේ ප්‍රධාන අමාත්‍ය උප කාර්යාලයේ දී සිදු වූ අතර මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ජන්ම දිනය ද එදිනට යෙදී තිබිණි. 
     
    එම අවස්ථාව සමරනු වස් සමාජ සත්කාරක සේවා රැසක් ද සංවිධානය කර තිබූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දෘෂ්‍යාබාධිත පුද්ගලයන් 800කට ඇස් කණ්ණාඩි බෙදා දීම ද මහ ඇමතිවරයා අතින් සිදු විය. එම කණ්ණාඩි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 28කි. මීට අමතරව අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් 75දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙම සමාජ සකත්කාරක සේවා අතර විය.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya